දඹුල්ලේ ලයිට්වලට රු. මි. 1500ක් වියදම් කළේ නෑ


ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කිරීමක් මාධ්‍ය වෙත යොමුකර තිබේ.

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි පහන් ආලෝක කටයුතු නවීකරණය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 1.5ක් වියදම් කර ඇති බවට ක්‍රීඩා අමාත්‍යවරයා කළ චෝදනාව පදනම් විරහිත බව එම පැහැදිලි කිරීම මගින් ඔවුන් පෙන්වා දෙයි.

එසේම ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ලෝක කුසලානය සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය හොඳින් සූදානම් වෙමින් සිටින බවද ක්‍රිකට් ආයතනය පවසයි.

එසේම පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කළ අතුරු කමිටුව කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිබූ වටිනා ලියකියවිලි මෙන්ම වව්චර් පත් රැගෙන ගොස් ඇති බවත් ඒවා ඉතා ඉක්මනින් ක්‍රිකට් ආයතනයට ලබා නොදෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.

 



Recommended Articles