දඹුල්ල වයිකින්ග්​ට ලකුණු 28ක ජයක්


ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ස් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම කඩුළු 9ක්  දැවී ලකුණු 175ක් රැස් කිරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල කළම්බු කිංග්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීම​ට හැකිවූයේ ලකුණු 147ක් පමණි.

ඒ අනුව දඹුල්ල වයිකින්ග්​ට ලකුණූ 28ක ජයක් හිමි විය.

තරඟයේ වීරයා සම්මානය දසුන් ශාන​ක විසින් හිමි කර ගැනීමට සමත් විය.



Recommended Articles