දකුණු කොරියාවේදී ලක්මව රනින් බැබලවූ චන්ද්‍රිකා එයි


දකුණු කොරියාවේ පැවති 45 වන ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී රන් සහ රිදී පදක්කම් දිනා ගත් රේණු චන්ද්‍රිකා ද සිල්වා මහත්මිය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 96 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1800 කගේ පමණ සහභාගීත්වයෙන් 09/11 සිට 09/17 දින දක්වා දකුණු කොරියාවේ ජොන්ජු නගරයේ පවත්වා තිබුණි .

ෙමෙහිදී රේණු චන්ද්‍රිකා ද සිල්වා වයස අවුරුදු 45 ට වැඩි වයස් කාණ්ඩයේ  කේවළ තරගයෙන් රිදී පදක්කම සහ එම වයස් කාණ්ඩයේම  යුගළ තරගයෙන්  රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය .        

මෙම යුගළ තරගයේදී රේණු චන්ද්‍රිකාගේ සහාය ක්‍රීඩිකාව වී ඇත්තේ ජර්මනියේ ක්ලෝඩියා නැමැති ක්‍රීඩිකාවයි .

ඇය මෙම ජයග්‍රහණ රැගෙන 09/19 දින රාත්‍රී 11.40 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය .

ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ක්‍රීඩා සංගමයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

රේණු චන්ද්‍රිකා අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර ඇය කොළඹ පෞද්ගලික බැංකුව සේවයේ නිරතව සිටින්නීය .



Recommended Articles