නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවති දකුණු ආසියානු කණිෂ්ඨ බැට්මින්ටන් තරඟාවලියේදී රන් පදක්කම් හතරක් දිනූ ශ්‍රී ලංකා ජාතික බැට්මින්ටන් ශූරිය වන බද්දේගම ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලයේ රනිත්මා තිනිදු ලියනගේ සිසුවිය පිළිගැනීමේ හා උපහාර පිදීමේ උත්සවයක් පසුගිය 14 දා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වුණි .
විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම අසලදී විදුහල්පතිනි දේවිකා සිරිසූරිය මහත්මිය විසින් මල් කළඹක් දී පිළිගත් රනිත්මා පාසැලේ සියලුම සිසුවියන් මග දෙපස රැඳී සිට , තූර්‍ය්වාදන පෙරටු කරගත් පෙරහැරකින් පාසලට කැඳවාගෙන පැමිණ විද්‍යාලයේ මාර්තා කරුණාරත්න ශාලාවේදී උපහාර උත්සවය පැවැත්වුණි.
මෙම තරඟාවලියේදී , කාන්තා කේවල, කාන්තා යුගල , මිශ්‍ර යුගල හා කණ්ඩායම් යන තරඟ අංශ හතරෙන්ම රන් පදක්කම් දිනාගැනීමට ඇය සමත්වී තිබුණි.
බද්දේගම සරත් ආනන්ද