දකුණු අප්‍රිකාවට ඉනිමක හා ලකුණු 45ක ජයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ඉනිමක හා ලකුණු 45ක විශිෂ්ටජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය තරග 1-0ක් ලෙස දකුණු අප්‍රිකාව පෙරමුණ ගත්තේය. සෙන්චූරියන්හි සුපර්ස්පොර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය දින හතරක් ඇතුළත අවසන් විය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 396/10ක් රැස්කිරීමට සමත් විය. ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමට ලකුණු 621ක් රැස්කිරීමට සමත් විය.තරගයේ වීරයා ලෙස අගනා ලකුණු 199ක් රැස්කළ ෆෆ් ඩු ප්ලෙසිස් සම්මාන දිනාගත්තේය.



Recommended Articles