තිරිමාන්න කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වෙයි


පෞද්ගලික හේතුවක් මත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ඉවත් වී තිබේ.

ඔහු සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් මේ බව සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 21 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

 



Recommended Articles