තියුණු සටනකින් පසු ලංකාව සුපිරි හතර අතරට


ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයේ ලකුණු දෙකකින් තියුණු තරගයකින් අනතුරුව ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය.

ලකුණු 291ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථානයට සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 289ක් පමණි. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ජයගත් 12 වැනි එක්දින තරගය වෙයි.  


ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පාකිස්තානයේ  පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 291/8ක් රැස් කිරීමට සමත්විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 92ක් රැස් කළ අතර ඔහු චරිත් අසලංක සමගින් එක්ව 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102ක සාර්ථථක සබඳතාවක් පැවැත්වීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ 4 වැනි කඩුල්ල ලෙසින් මුලු ලකුණු සංඛ්‍යාව 188දී චරිත් අසලංක (32) දැවී ගිය අතර ඉන් අනතුරුව ලකුණු 39ක් ශ්‍රී ලංකා ඉනිමේ තවත් කඩුලු තුනක් දැවී ගියේය.

කෙසේ වෙතත් අටවැනි කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 10.3කදී දුනිත් වෙල්ලාගේ (33*) හා මහීෂ් තීක්ෂණ (28) සාර්ථක ලකුණු 64ක සබඳතාවක් පවත්වමින ශ්‍රී ලංකා ඉනිම ලකුණු 291ක් දක්වා රැගෙන ආහ. ඉනිමේ අවසන් පන්දුවේදී මහීෂ් තීක්ෂණ දැවී ගියේය.

 

 



Recommended Articles