ත්‍රිත්ව - අන්තෝනි ක්‍රිකට් තරගය කල්දමයි


මහනුවර ත්‍රිත්ව විදුහල හා  කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අත​ර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී හෙට සහ අනිද්දා (13 – 14 ) පැවැත්වීමට නියමිතව තිබූ මහා ක්‍රිකට් තරගය කල්දමා ඇත.  ත්‍රිත්ව විදුහලට රැස් වූ දෙවිදුහලේ විදුහල්පතිවරුන් ඇතුළු සංවිධායක මණ්ඩලය අද (12) මෙ​ය තීරණය කරේය.

රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ තරගය පැවැත්වීම අවධානම් සහගත බව විදුහල් බලධාරීන් ගේ මතය විය . එසේ හෙයින් ලබන සතියේ දින දෙකක කිසිදු  ප්‍රේක්ෂකයෙකු හෝ දෙමාපියන් නොමැතිව මහා ක්‍රිකට් තරගය පැවැත්වීමට පාසල් දෙකේ බලධාරීන් තීරණය කළේය.



Recommended Articles