තරඟාවලි ජය නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම​ට මූල්‍ය ත්‍යාගයක්


ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම හේතුවෙන් ඔවුන්ට මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ති​බේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂයක ත්‍යාග මුදලක් ලබා දීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර ති​බේ.

එ​ය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වෙයි.



Recommended Articles