ඉන්දීය කණ්ඩායම මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ මුහුණ දුන් පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ පරාජයට වීමත් සමග පංජාබ් ප්‍රදේශයේ අධ්‍යාපන ආයතන දෙකක ඉගෙනුම ලබමින් සිටින කාශ්මීර් සිසුන් පිරිසකට ඉන්දීය සිසුන් පිරිසක් විසින් ඊයේ (24) රාත්‍රී කාලයේ දී ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පංජාබ්හි ඉංජිනේරු හා තාක්ෂණික ආයතනයක ඉගෙනුම ලබන සිසුන් පිරිසකට ශිෂ්‍ය නේවාසිකාගාරය තුළ දී එක් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඊට අදාළ වීඩියෝ දර්ශන ද ප්‍රහාරයට ලක් වූ සිසුන් විසින් නිකුත් කර ඇත.
තරගයෙන් පසුව මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර පොලිස් නිළධාරීන් පැමිණ තත්ත්වය පාලනය කර තිබේ.
We are also Indian, why we are being attacked over a cricket match by goons from UP: A Kashmiri student studing in a Punjab college! pic.twitter.com/CzTdamtOto
— Salman Nizami (@SalmanNizami_) October 25, 2021