ණුවන් සති 6ක් ක්‍රිකට් පිටියෙන් ඉවතට - ධනංජයට T20 තරගාවලිය අහිමියි


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයෙදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට සති 6ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබේ.

මේ අනුව ඔහුට කොදෙව්වන් හා පැවැත්වෙන විස්සයි20 තරගාවලියත් ඉන් අනතුරුව පැවැත්වෙන එංගලන්ත තරගාවලියේ තරග කිහිපයකුත් අහිමි වෙනු ඇත.

ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු විස්සයි20 තරගාවලියට කැඳවා තිබේ.

මේ අතර තුන් ඉරියව් ක්‍රීඩක ධනංජයද සිල්වාත් ආබාධයකට ලක්ව ඇති අතර ඔහුටද කොදෙව් විස්සයි20 තරගාවලිය අහිමි වී තිබේ.

කෙසේ වෙතත් ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැඳවා නොමැත.



Recommended Articles