ටෙස්ට් ක්‍රීඩක ගාස්තු සියයට 100කින් ඉහළට


ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

එක් එක් ක්‍රීඩකයාගේ තරග කොන්ත්‍රාත්තුව මත පදනම්ව මෙම ගාස්තු ඉහළ නැංවීම සිදුකර ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ක්‍රීඩකයෙකුට ටෙස්ට් තරගයකින් අමෙරිකානු ඩොලර් 15,000කට ආසන්න මුදලක් හිමිවන අතර එය ශ්‍රි ලංකා මුදලින් රුපියල් ලක්ෂ 44කට ආසන්න වෙයි.



Recommended Articles