ජැෆ්නා කණ්ඩායමට ඩො මි 3.98ක වටිනාකමක්


ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.98ක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනතනය පවසයි.

ඉන් අනතුරුව ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඩොලර් මිලියන 3.82ක්, දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම ඩොලර් මිලියන 3.54ක්, කොළඹ කිංග්ස් කණ්ඩායම ඩොලර් මිලියන 3.44ක් හා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ඩොලර් මිලියන 3.19ක් ලෙස තක්සේරු කර තිබේ.

එසේම එල්.පී.එල්. පළමු අදියර ලෝකය පුරා මිලියන 557ක ජනතාවක් නරඹා ඇති බවද ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තරගාවලිය ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, එංගලන්තය, ඇමෙරිකාව, කැනඩාව, අයර්ලන්තය හා නවසීලන්තය යන රටවල සජීවීව විකාශය කර තිබේ.

 



Recommended Articles