ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රකාශයට පත් කරයි


සමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අද (04) ප්‍රකාශයට පත් කර ඇ​ත.

එම කමිටුවට සාමාජිකයින් 06 දෙනෙකු සහ එක් සාමාජිකාවක් අයත් ය.

එහි සභාපතීත්වය දරන්නේ අසන්ත ද මෙල් ය. චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රංජිත් මදුරසිංහ, නිල්මිණී ගුණරත්න, හේමන්ත දේවප්‍රිය සහ උවයිස් කර්නේන් එහි අනෙකුත් සාමාජිකයින් වේ.

මෙම කමිටුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමත කර තිබේ.



Recommended Articles