ඉදිරියේදී නේපාලයේ කත්මන්දුහිදී ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය , ඇෆ්ගනිස්ථානය හා නේපාලය යන රටවල්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන ආරාධිත රෝද පුටු ආසියානු ක්‍රිකට් තරගාවලියට එක්වීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මේ දීනවල ඒ සදහා පුහුණුවීම් කටයුතු දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගනයේදී සිදු කරමින් සිටිති.
මේ කණ්ඩායම ජාතික කණ්ඩායම ලෙසින් ජාත්‍යන්තර තරගාවලියක් සදහා සහභාගී වීමට සුදානම් වන නමුත් මේ වනවිටත් ඔවුන් වෙත කිසිදු අනුග්‍රාහකත්වයක් හිමිවි නැත.
මේ බව සැලවීමත් සමගම බියගම පාදේශිය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල මහතා ඉකුත් සතියේ එම කණ්ඩායම පුහුණුවීම් සිදු කරන දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගනයට පැමිණ ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රීඩා උපකරණ රැසක් සිය දායකත්වයෙන් ඔවුන් වෙත ලබා දීමට පියවර ගත්හ.
එමෙන්ම ඔවුන් වෙනුවෙන් හිටපු සභාපති ආනන්ද ගනේපොල මහතා පහසුකම් රැසක් සම්පාදනය කිරීමට ද කටයුතු සුදානම් කරන ලදී.
මෙහිදි හිටපු සභාපති ආනන්ද ගනේපොල මහතා විසින් තව නොබෝ දිනකින් මේ තරගාවලිය සදහා සහභාගී වීමට 16 දෙනෙකුගෙන් සමන්විත මේ කණ්ඩායම පිටත්වීමට නියමිතව සිටින හෙයින් ඔවුන්ට ගුවන් ටිකට් පත් මිලදී ගැනීමට අනුග්‍රාහකත්වයක් ලබා දිය හැකි පරිත්‍යාගශිලීන් ඇත්නම් ඉදිරිපත් වන ලෙසට ද ඉල්ලා සිටියේය.
මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ හිටපු සභාපති ආනන්ද ගනේපොල මහතා විසින් එම ආබාධිත ක්‍රීඩකයින්ට ක්‍රීඩා උපකරණ ලබා දුන් අයුරුයි.
මල්වාන ඩබ්ලිව් ඩී ඵමි විතානගේ හා දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති