ජපානයේ පැරාඔලිම්පික් පදක්කම්ලාභීන් දිවයිනට


ජපානයේ ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය 09/07 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන මෙම ගුවන් යානය 09/07 දින සවස 04.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ක්‍රීඩකයන් පිරිස පිළිගැනීම සදහා ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටිති .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles