2011 වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව ඉතාමත් බරපතල බවත් එය සෑම දෙනෙකුම ආදරය කරන ක්‍රීඩාවේ පිංතූරයට හානි කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
මෙම චෝදනා ගැන අයි.සී.සී. ය හා ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Accusations such as these are very serious and tarnish the image of a sport that we all truly love! I implore the @ICC and the Hon. Min of Sports to immediately take action on these accusations & hold an impartial investigation on the matter, based on this alleged evidence. https://t.co/jdvGfbwOl0
— Namal Rajapaksa (@RajapaksaNamal) June 18, 2020