චමරිගේ වාර්තා ගත ශතකයෙන් ලංකාව දෙවැනි ජයත් ලබයි


කාන්තා ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියකදී ක්‍රීඩිකාවක් වාර්තා කළ පළමු ශතකයට හිමිකම් කිමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අද සමත්වූවාය. ඒ මැලේසියා කණ්ඩායමට එරෙහිව පන්දු 69කදී වේගවත් ලකුණු 119ක් රැස්කමිනි.එය චමරිගේ තෙවැනි විස්සයි20 ශතකයද විය. 

චමරිගේ ශතකයත සමගින් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ට ලකුණු 184ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 40ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලාබාලම පන්දු යවන්නිය වන 15 හැවැරිදි ශෂිනි ගිම්හානි පන්දුවාර 4කදී ලකුනු 9ට කඩුලු 3ක් දවා ගැනීමට සමත්වූවාය.



Recommended Articles