චමරි ප්‍රමුඛ ක්‍රීඩිකාවෝ පැමිණෙති


ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය එංගලන්ත තරග සංචාරය නිමා කර ඊයේ (16දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඔවුන් එංගලන්තයේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් 09/16 දින අලුයම 01.54 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් එහිදී T- 20 තරගාවලිය එංගලන්තය පරදා , ජයග්‍රහණය කිරීමට සමත් වී තිබීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් එංගලන්තයට ඒරෙහිව ලබාගත් පළමු ජයග්‍රණය වෙයි.

 



Recommended Articles