චමරි ඇතුළු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ හිරවෙයිද?


කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන සිම්බාබ්වේ වෙත ගොස් තිබේ.

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන නව කොවිඩ් ප්‍ර භේදය හේතුවෙන් දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ ඇතුළු අප්‍රිකානු රටවල් හයකින් ශ්‍රී ලංකාවට පැමිණීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

සිම්බාබ්වේ වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් තිදෙනෙකුට මේ වන විටත් කොවිඩ් ආසාදනය වී තිබේ. කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්වන තරග දෙකක් අද හා අනිද්දා දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ. 

 



Recommended Articles