චන්දිමාල් හා බොපාරා කලම්බු ඉනිම ගොඩ නංවති


දිනේෂ් චන්දිමාල් හා රවී බොපාරාගේ පිතිහරඹය නිසා එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු කිංග්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුනු 163 ක් රැස් කලේය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 49 ක්ද රවී බොපාරා පන්දු 33 කදී ලකුණු 47 ක්ද රැස් කළහ. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරාගත් ජැෆ්නා කන්ඩායමට පන්දු යැවීමෙන් තිසර පෙරේරා, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ හා දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් දවා ගත්තේය.



Recommended Articles