ගේල්, අෆ්රිඩී, මලික්, ඩුප්ලෙසි, මිලර් LPL තරගාවලියට


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුපිරි තරු කිහිපයකම සහභාගිත්වය තහවුරු වී තිබේ.

ඒ අනුව ක්‍රිස් ගේල්, සහීඩ් අෆ්රිඩී, ෆෆ් ඩුප්ලෙසි, ඩේවිඩ් මිලර්, කාලෙස් බ්‍රැත්වෙයිට්. සොයිබ් මලික් ඇතුළු ක්‍රීඩකයන් මෙම තරගාවලියට ක්‍රීඩා කිරිමට නියමිතය.

ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, තිසර පෙරේරා, කුසල් ජනිත්, දසුන් ශානක ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩකයන් ලෙසින් කණ්ඩායම් පහ මෙහෙයවීමට නියමිතය.

මෙම කණ්ඩායම සඳහා ඩේව් වට්මෝර්, ජොන් ලුවිස්, මොයින් ඛාන්, හෂාන් තිලකරත්න යන අය පුහුණුකරුවන් ලෙසින් එක්වෙයි.

 



Recommended Articles