කොවිඩ් - 19 ඩි විලියර්ස්ටත් බලපෑම් කරයිද?


ද. අප්‍රිකානු සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස් යලිත් අන්තර් ජාතික ක්‍රිකට් පිටියට පැමිණීමේ බලාපොරොත්තු සුන් වන ආකාරයක් ඇති බව වාර්තා වේ.

 ඒ මේ වන විට පැතිරීයන කොරෝනා වෛරසය හේතුවෙන් අන්තර් ජාතික තරගාවලි කල් දැමීමේ නැඹුරුවක් ඇති බැවිණි.

ඩිවිලියර්ස් මෙම වසරේ ඔක්තෝම්බර් මසදී ඔස්ට්‍රේලියාවේදී ආරම්භ කිරීමට සැලසුම් කොට තිබෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේදී නැවත ද. අප්‍රිකානු අන්තර් ජාතික කණ්ඩායමට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටියේය. කෙසේ නමුත් පවතින තත්වය මත තරගාවලිය කල් දැමීමේ වැඩි නැඹුරුවක් ඇති බැවින් සිය බලාපොරොත්තු සුන් වන ආකාරයක් ඇති බව හෙතෙම විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත. ඔහු වැඩිදුරටත් එහිදී පවසා ඇත්තේ තරගාවලිය කල් යත්ම සිය ශාරීරික යෝග්‍යතාව කෙසේ පවතීදැයි අනුමාන කළ නොහැකි බවයි.



Recommended Articles