කොරෝනා හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග රැසක් කල් දමයි


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) ඉදිරියේදී සංවිධානය කිරීමට අපේක්ෂිත ක්‍රිකට් තරගාවලි රැසක් කල් දැමීමට තීරණය කර තිබෙන බව ඊයේ (26දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එමෙන්ම මීට අමතරව දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් ඇති තරගාවලි කිහිපයක්ද නම් කිරීමට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය  පියවර ගෙන තිබේ. මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මේ දිනවල ලොව පුරා වේගයෙන් පැතිරෙමින් පවතින කොවිඩ්-19 වෛරස (කොරෝනා  වෛරසය) තත්ත්වයයි.

මේ අතර  2021 වසරේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය සහ 2023 වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඊට පෙර පැවැත්විය යුතු තරගාවලි කිහිපයක් ද පැවැත්වීම සම්බන්ධව ගැටලු සහගත තත්වයන් මතුව ඇති නමුත් එම තරගාවලි පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවමත් නිල නිවේදනයක් නිකුත් කර නොතිබුණි.

මෙම වසරේ ජූලි මස 03 වැනිදා සිට 19 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන  අයිසීසී  කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ද, මතුව ඇති තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් ඇති බව අයිසීසීය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.  

  

අයිසීසීය දින නියමයක් නොමැතිව කල් දමා ඇති තරගාවලි

· අප්‍රේල් 16 සිට 21 දක්වා කුවේට් හිදී පැවැත්වීමට නියමිතව තිබූ අයිසීසී පිරිමි විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ 'ඒ' කොටසේ ආසියානු තරගාවලිය 

· අප්‍රේල් 27 සිට මැයි 03 දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ අයිසීසී පිරිමි විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ අප්‍රිකානු කලාපිීය තරගාවලිය 

· අප්‍රේල් 20 සිට 27 දක්වා නැමීබියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ අයිසීසී පිරිමි ලෝක කුසලාන (ලීග් 2) තරගාවලිය 

· අප්‍රේල් 16 සිට 22 දක්වා ස්පාඤ්ඤයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අයිසීසී පිරිමි විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ 'ඒ' කොටසේ යුරෝපීය තරගාවලිය 

· ජුනි 09 සිට 16 දක්වා පැපුවා නිව් ගිනියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ අයිසීසී පිරිමි කුසලාන ( ලීග් 2) තරගාවලිය 

· ජුනි 10 සිට 16 දක්වා බෙල්ජියමේ දී පැවැත්වීමට නියමිතව තිබූ අයිසීසී පිරිමි විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ 'සී' කොටසේ යුරෝපීය තරගාවලිය 

· ජුනි 26 සිට ජූලි 02 දක්වා මැලේසියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ අයිසීසී පිරිමි විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ 'බී' කොටසේ ආසියානු තරගාවලිය 

· ජුනි 24 සිට 30 දක්වා පින්ලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ  අයිසීසී පිරිමි විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ 'බී' කොටසේ යුරෝපීය තරගාවලිය 

  දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් ඇති තරගාවලි  

· ජූලි 03 සිට 11 දක්වා ස්කොට්ලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන අයිසීසී පිරිමි ලෝක කුසලාන (ලීග් 2) අභියෝගතා තරගාවලිය 

· අගෝස්තු 03 සිට 13 දක්වා උගන්ඩාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන අයිසීසී පිරිමි ලෝක කුසලාන (ලීග් 'බී') තරගාවලිය 

· අගෝස්තු 18 සිට 24 දක්වා කැනඩාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන අයිසීසී පිරිමි විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ඇමරිකානු කලාපීය අවසන් තරග

· සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 10 දක්වා මැලේසියාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන අයිසීසී පිරිමි විස්සයි20 ලෝක කුසලාන (ලීග් 'ඒ') අභියෝගතා තරගාවලිය 

· සැප්තැම්බර් මස දී යුරෝපයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන අයිසීසී පිරිමි විස්සයි20 ලෝක කුසලාන කලාපීය අවසන් තරග 

· සැප්තැම්බර් මාසයේ දී නැමීබියාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන අයිසීසී පිරිමි ලෝක කුසලාන (ලීග් 2) තරගාවලිය 

· දෙසැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන අයිසීසී පිරිමි ලෝක කුසලාන (ලීග් 2) තරගාවලිය 

· අයිසීසී පිරිමි විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ අප්‍රිකානු කලාපීය අවසන් තරග

· අයිසීසී පිරිමි විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපීය අවසන් තරග




Recommended Articles