කෘනාල්ගේ ආශ්‍රිතයන් ආසාදිතයන් නොවෙයි


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කොවිඩ් ආසාදිත වූ තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩයාගේ  ආශ්‍රිතයන් සියලු දෙනාම කොවිඩ් ආසාදිතයන් නොවන බවට තහවුරු වී තිබේ.

ඒ ඊයේ දිනයේදී ඔවුන් සම්බන්ධයෙන් කළ සියලු කොවිඩ් පරීක්ෂා සෘණාත්මක වීම හේතුවෙනි.

මේ අනුව ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි විස්සයි20 තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය.

තෙවැනි එක්දින තරගය සැලසුම් කළ අයුරින් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

 



Recommended Articles