කාන්තා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට


දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (03දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ පුහුණුකරුවන්, නිලධාරීන් 10 දෙනෙකුගෙන් සමන්විත 25 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම අද දින අලුයම 02.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි ඔස්සේ දකුණු අප්‍රිකාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
 
මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම " ඒ " කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර , මෙහි පළමු තරගය සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමග එළඹෙන 02/10 දින පැවැත්වීමට නියමිතය.


Recommended Articles