ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරිමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කටයුතු කර තිබේ.
මෙහි සභාපතිත්වය හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් දරනු ලබයි.
ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රීඩා පනතින් ලැබී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදුකර තිබේ.
සාමාජිකයන් සත් දෙනෙකුගෙන් යුත් මෙම අතුරු කමිටුවේ සභාපතී අර්ජුන රණතුංග මහතා හැරෙන්නට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්දීන් යන මහත්ම මහත්මීන් අනෙකුත් සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලැබේ.