ක්‍රිකට් ලෝකයේම අවධානය අද ලංකාව දෙසට


ආසියානු කුසලාන එක්දින තරගාවලිය යටතේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරගය අද නුවර පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතය.

අද පස්වරු 3ට මෙම තරගය ආරම්භ කිරීමට නියමිත අතර 2019 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැති තරගයෙන් අනතුරුව මෙම කණ්ඩායම් දෙක එක්දින පිටියේදී එකිනෙකාට හමුවන්නේ වසර 4කට පමණ පසුවයි.

ඉන්දියාව හා පාකිස්තානය අතර අවසන් වරට පවත්වා ඇති එක්දින තරග පහෙන් හතරක් ඉන්දියාව ජයගෙන තිබේ. 



Recommended Articles