ශ්‍රී ලංකාවේ කීර්තිමත් ක්‍රිකට් පුහුණුකරුවෙකු වන නෙල්සන් මෙන්ඩිස් මහතාගේ ක්‍රිකට් පුහුණු දිවියට හැට වසරක් පිරීම උත්කර්ෂවත් අන්දමින් කොළඹ නාලන්දා විදුහල් මලලසේකර ශාලාවේදී පැවැත්විණි.
නොදැවුණු නෙල්සන් (Nelson Not Out) ලෙසින් නම් කර තිබූ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් නෙල්සන් මෙන්ඩිස් මහතා සහභාගි වූයේ ඔහුගේ අතීත, වර්තමාන ක්‍රිකට් ගෝලයන් හා ඔහුගේ සමීප මිතුරන් රාශියක් සමගිනි.
කොළඹ සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසලේ නිර්මාතෘවරයා හා නාලන්දා විදුහලේ කීර්තිමත් ක්‍රිකට් පුහුණුකරුවෙකු වූ නෙල්සන් මෙන්ඩිස් මහතාගේ 82 වැනි උපන්දිනයද යෙදී තිබීම විශේෂත්වයකි.
ඡායාරූප - ඉසුරු පෙරේරා