ක්‍රිකට් පාලක මණ්ඩලය ආයෙත් අධිකරණයට යයි?


ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයට එරෙහිව ක්‍රිකට් පාලක මණ්ඩයේ නිලධාරී මණ්ඩලය අධිකරණය හමුවට යෑමට නියමිත බව වාර්තා වේ. එහිදී හිටපු පාලක මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විනසීමට නියමිත බව ද වාර්තා විය.

"නිලවරණයකින් පත් කළ මණ්ඩලයක් විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවට බලයක් නොමැතිය" යන කරුණ මත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ මණ්ඩලය අධිකරණයට යෑමට නියමිත බව වාර්තා වේ.
ආණ්ඩුවේ පාර්ශවය ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරිය යුතු යැයි ඒකමතිකව තීරණය කර ඇති පසුබිමක එවැනි විසුරුවා හැරීමක් කළ හැකි බව ආණ්ඩුවේ මතය වී ඇත.

මෙය ආණ්ඩුව තුළ ද දේශපාලන අර්බුදයක් දක්වා ගමන් කළ හැකි බව ද වාර්තා වේ. 



Recommended Articles