ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මාර්ගය සකස් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් අයතනය වෙත නිකුත් කළ කළ බව කියන ලිපිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
මෙම ලිපිය හරහා සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇති බව කියන දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් කර තිබුණි. මෙම ලිපියේ පිටපත් ඔහු විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනෙකුත් පූර්ණ සාමාජිකයන්ටද යොමුකර තිබේ.