ක්‍රිකට් ජර්සියට ආපු විරෝධය


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම භාවිත කරන ක්‍රිකට් ඇඳුම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.

ඒ ක්‍රිකට් ඇඳුම පුරාවට අනුග්‍රාහක දැන්වීම් ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙනි. එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව අවධානයෙන් පසුවන රොබ් ලුවිස් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේ 'අනුග්‍රාහක ලාංඡන හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සිය විනාශවෙලා' යනුවෙනි.

මේ ඇඳුම සම්බන්ධයෙන් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙකුම සිය විරෝධය දක්වා තිබුණි. 



Recommended Articles