ක්‍රිකට් කණ්ඩායම හොර පාරින්ම දැඩි රැකවැල් මැද කටුනායකින් පිටව යයි


 ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම 06/19 දින උදෑසන 08.40 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් වෙනදා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද , අද ඒ වෙනුවට මුදල් ගෙවා පහසුකම් සළසා ගත යුතු " සිල්ක් රූට් " පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබුණි .

එහිදී " සිල්ක් රූට් " පර්යන්තයේ පහසුකම් සදහා එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 50 ක මුදලක් අය කරන අතර එම මුදල් ගෙවා මෙම පහසුකම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළත් , ඉන් පිටත ප්‍රදේශයේත් විශේෂ , දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි .



Recommended Articles