ක්‍රිකට් උප සභාපතිධුරය ජයන්ත ධර්මදාසට


ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති තනතුරට ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට ඊයේ (31දා) පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාන්‍ය සාමාජිකත්වය විසින් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ලෙස කටයුතු කළ කේ මතිවානන් මහාත එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග ක්‍රිකට් උප සභාපතිධුරය පුරප්පාඩුව පැවැතුණි.



Recommended Articles