2011 ලෝක කුසලානය අවසන් මහ තරගයට මුදලට විකුණූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය පිළිබඳව නැවත වරක් මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වා තිබේ.
ඔහු පවසන්නේ කණ්ඩායමේ අවසන් 11 දෙනාට නොමැති කෙනෙක් තරගයක් පාවා දෙන්නේ කෙසේදැයි නොදන්නා බවයි. එසේම යමෙක් 2011 ලෝක කුසලානය විකුණූ බවට පවසයි නම් එය ස්වාභාවිකම විශාල ගනුදෙනුවක් බවත් ඔහු ප්‍රකාශ කරයි.
.
When some one accuses that we sold the 2011 WC naturaly it’s a big deal cus we don’t know how one could fix a match and not be part of the playing 11? Hopefully we will get enlightened after 9 years...