සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක් විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (08දා) සමත් විය.
ජයග්‍රාහී ලකුණු 19ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 3යි පන්දු 2ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 19ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 180ක් රැස් කළා අතර, ඊට පිළිතුරු ඉනිම ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 337ක් රැස් කළේය.
අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 175ක් පමණී. ඒ අනුව ඕස්ට්‍රේලියාවට ලකුණු 19ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හිමි විය.