සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 49ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 214ක් රැස් කළේය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 33.5ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 165ක් පමණී.