ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ත්‍යාග මුදල් ලංකාවට


ශ්‍රි ලංකාවේ තරග සංචාරය කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමිවූ ත්‍යාග මුදල් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රි ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කිරිමට ඔවුන් තිරණය කර තිබේ.

ඒ අනුව ඔවුන්ට හිමිවූ ඔස්ට්‍රේලියානු ඩොලර් 45000ක මුදලක් යුනිසෙෆ් ආයතනය හරහා ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇත. මෙම අරමුදල් ශ්‍රී ලංකාවේ අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති කාන්තාවන් හා ළමුන්ගේ සුබ සාධනය වෙනුවෙන් වැය කිරිමට නියමිතය.

මීට සති කිහිපයකට පෙරාතුව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඔස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සිය දෑසින්ම දැක්කේය. 



Recommended Articles