ඔලිම්පික් සැලසුම්කළ පරිදි පවත්වනවා -ජපාන අගමැති


2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සැලසුම්කළ පරිදි ජූලි මාසයේදී පවත්වන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ටෝකියෝ 2020 තරගාවලිය ඉදිරියට යනවාද යන්න පිළිබඳ අවසාන තීරණය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයිඕසී) ගනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

“අපි සැලසුම් කළ පරිදි කොවිඩ් 19 පැතිරීම පාලනය කළ කිසිඳු ගැටලුවක් නොමැතිව තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යෑමට හැකිවෙනු ඇති”

ජපානය තුළ කොවිඩ් ආසාදිතයන් 1400 ක් වන අතර මරණ 28 ක් වාර්තා වී තිබේ.



Recommended Articles