එල්.පී.එල්. කිරුළ නුවර කණ්ඩායමට


දඹුල්ල අවුරා කණ්ඩායම කඩුලු පහකින්  පරාජයට පත්කරමින් ලංකා ප්‍රිමියර් ලීග කිරුණ තමන් සතු කර ගැනිමට නුවර කණ්ඩායම සමත්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 4ට ලකුණු 147ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නුවර කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු පහක් දැවී ඉලක්කය පසුකර ගියේය. තරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනාගත් අතර තරගාවලියේ විරයා ලෙස පිත්තෙන් හා පන්දුවෙන් දක්ෂතා දැක්වූ වනිඳු හසරංග හිමි කර ගත්තේය.

 



Recommended Articles