එංගලන්තයේ වටිනාම පාපන්දු ක්‍රීඩකයා ආර්ජන්ටිනාවෙන්


එංගලන්ත පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩක හුවමාරුවකදි වාර්තා වූ ඉහළම ලංසුවට හිමිකරුවා වීමට ආර්ජන්ටිනාවේ යොවුන් ක්‍රීඩක එන්සො ෆර්නැන්ඩේස් සමත්විය.

ඒ එංගලන්තයෙ චෙල්සි කණ්ඩායම විසින් ඔහුව බ්‍රිතාන්‍ය පවුම් මිලියන 107 (රු.බි.48) කට මිලදී ගැනීමත් සමගිනි. පෘතුගාලයේ බෙන්ෆිකා පාපන්දු කණ්ඩායමෙන් , චෙල්සි මෙම මිලදී ගැනීම එංගලන්ත ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසය අළුත් කිරීමට සමත්වීම කැපී පෙණින.

 කෙසේ වෙතත් ලෝක පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩකයින් හුවමාරු  වූ වටිනාකම් අතරින් මෙයට හිමිවන්නේ පස්වැනි ස්ථානයයි. මෙහි මුල් ස්ථාන දෙකේම පසුවන ක්‍රීඩක මිලදී ගැනීම්, ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් විසින් සිදු කර ඇත.

 ඒ බ්‍රසීලයේ නේමාර් බාසිලෝනා කණ්ඩායමෙන් මිලදී ගැනීම (බ්‍රි.ප. මිලියන 198/ රු.බි. 89) මෙන්ම ප්‍රංශයේ කිලියන් එම්බපේ ප්‍රංශ මොනාකෝ කණ්ඩායමෙන් මිලදී ගැනීම (බ්‍රි.ප. මිලියන 163/ රු.බි. 74) මෙහි ඉදිරියෙන්ම පසුවේ.

එමෙන්ම ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම් ද්විත්වයක් වූ බාසිලෝනා හා ඇත්ලටිකෝ මැඩ්රිඩ් මෙහි තෙවැනි හා සිව්වැනි ස්ථාන හිමිකරගෙන ඇත. පිළීවෙලින් බ්‍රසීල ක්‍රීඩක පිලිප් කුටීනියෝ, එංගලන්ත ලිවර්පූල් කණ්ඩායමෙන් බ්‍රි.ප. මිලියන 105 (රු බි.47) කට මිලදී ගැනීම හා පෘතුගාලයේ ජාඕ ෆීලික්ස් පෘතුගාල බෙන්ෆිකා කණ්ඩායමෙන් මිලදී ගැනීම පිළිවෙලින් මෙහි තෙවැනි හා සිව්වැනි ස්ථාන හිමිකරගෙන ඇත.



Recommended Articles