එංගලන්තයට ලකුණු 26ක ජයක්


(UPDATE) පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු26ක පරාජයක් අත්විය.

එංගලනත්ය ලබාදුන් ලකුණු 164 ක ජයග්‍රාහී ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූ යේ ලකුණු 137ක් පමණි.

තරගයේ වීරයා ලෙස ජෝස් බට්ලර් සම්මාන ලැබීය.

එංගලන්තය 163/4

ශ්‍රී ලංකාව 137/10


2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4 පමණක් දැවී ලකුණු 163 රැස් කිරීමට සමත් විය.

තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම​ට ලකුණු 164ක ඉලක්කයක් හිමිව ති​බේ.



Recommended Articles