එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ ජය කොදෙව්වන්ට


සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙස් කණ්ඩායම ඊයේ (06දා) සමත් විය.

ඒ දෙරට අතර පැවති තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුලු 08කින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරමින්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුයට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 263ක් රැස් කළේය.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 43ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 267ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළහ.



Recommended Articles