එංගලන්ත පිතිකරුවන්ගෙන් ප්‍රහාරාත්මක ඉනිම්


එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එංගලන්තයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට එංගලන්ත කණ්ඩායම කඩුලු හයක් දැවි ලකුණු 259ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව තවත් කඩුලු 4ක් අතැතිව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 23ක් ඉදිරියෙන් පසුවෙයි. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායමේ මුල් පිතිකරුවන් 6 දෙනාම තම ප්‍රහාරාත්මක වේගය සියයට 70ට වඩා ඉහළින් තබා ගැනීමට කටුයුතු කර තිබුණු අතර ඔවුන්ගේ පන්දුවාරයකට ලකුණු රැස් කිරිමේ වේගය 4.24ක් තරම් ඉහළ අගයක පැවැතුණි.

එංගලන්තය වෙනුවෙන් නොදැවි පිටියේ රැදි සිටින කඩුලු රකින ක්‍රීඩක ස්මිත් ලකුනු 72ක් හා එයිට්කින්සන් ලකුනු 4ක් රැස්කරගෙන සිටියි. ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගැනීමට සමත්විය. 



Recommended Articles