උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම පෞද්ගලික විස්සයි විස්ස පුහුණු තරග සංචාරයක් සදහා 02/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
ඔවුන් විස්සයි විස්ස පුහුණු තරග 07 ක් සදහා සහභාගී වීමට නියමිත අතර , ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය , තම උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණව ලබමින් සිටින ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙම තරග සදහා යොමු කිරීමට නියමිතය .
මෙම තරග සියල්ල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එළඹෙන 02/12 සිට 02/23 දින දක්වා පැවැත්වීමට නියමිතය .
මෙම තරග සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවශ්‍ය ක්‍රීඩා පිටි , තරග අවස්ථාවේ ආහාරපාන ද ලබා දීම තීරණය කර තිබේ .
මෙම උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු සහ පුහුණුකරුවන් සහ නිලධාරීන් 05 දෙනෙකු ඇතුළත් වී සිටි අතර ඔවුන් 02/10 දින උදෑසන 08.45 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.