ඉන්දු - ශ්‍රී ලංකා අවසන් එක්දින තරඟය අ​ද


ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය  අද පස්වරු 3.00 එය ආරම්භ වෙයි. කෙසේ වෙතත් තරගාවලිය මේ වනවිටත් 2-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයගෙන තිබේ.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආබාධයකට ලක්ව ති​බේ. ඒ අනුව ඔහුට අද ඉන්දියාව සමග පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කර සිටියේ​ය.

ලබන 25 වනදා දෙරට අතර 20 -20 තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.



Recommended Articles