ඉන්දු - ලංකා ක්‍රිකට් ගැටුමේ දින වෙනස්වෙයි


ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්විමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය දින පහකින් කල්දැමීමට තිරණය කර තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිහිප දෙනෙකුම කොවිඩ් ධනාත්මක විම හේතුවෙනි.

පළමු තරගය ජුලි 13 දා පැවැත්වීමට නියමිතව තිබුණත් නව තරග කාලසටහන අනුව පළමු තරගය ජුලි 18 දා පැවැත්වීමට නියමිතය.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු, දත්ත විශ්ලේෂක හා පිතිකරු සඳුන් වීරක්කොඩි කොවිඩ් ධනාත්මක වී තිබේ.



Recommended Articles