ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට රාහුල් ඩ්‍රාවිඩ් පත් කරයි


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක රාහුල් ඩ්‍රාවිඩ් පත් කර ඇත.

නොවැම්බර් 17 වනදා සිට ආරම්භ වන නවසීලන්ත තරගාවලියේ සිට ඔහු ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසුව වත්මන් පුහුණුකරු රවී ශාස්ත්‍රීගේ ධුර කාලය නිමා වෙයි.



Recommended Articles