ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුටත් කොවිඩ්


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ට්‍රීට කොවිඩ් 19 ආසාදනය වී ඇත. ඔහු සහ පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු ද මේ වන විට හුදෙකලා කිරීමට ලක් කර ඇති බව​ට ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ සෙසු සාමාජිකයින්ට මේ දිනවල පැවැත්වෙන ඉන්දු – එංගලන්ත සිව්වැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය සදහා එක්වීමට අවසර ලැබී ඇත.



Recommended Articles