ඉන්දියාවේ ප්‍රවීණයන් හමුවේ ශ්‍රී ලංකා ප්‍රවීණයන් පරාජය වෙයි


ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (Road Safety World Series) විස්සයි විස්ස තරගාවලියේ 3වන තරගය ලෙස ශ්‍රී ලංකා ප්‍රවී​ණයන් හා ඉන්දියාවේ ප්‍රවීණයන් අතර ඊයේ පැවති තරගයෙන් කඩුළු 5ක ජයක් ලබා ගැනීමට​ ඉන්දියාවේ ප්‍රවී​ණයන් සමත් විය.

කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ප්‍රවී​ණයන්ගේ කණ්ඩායමේ නායක සචින් තෙන්ඩුල්කාර් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා ප්‍රවී​ණයන්ට ආරාධනා කළේය.

පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ශ්‍රී ලංකා ප්‍රවී​ණයන් රැස් කලේ ලකුණු 138ක් පමණි.

ටී.එම් දිල්ශාන් සහ චාමර කපුගෙදර දෙදෙනාම ලකුණු 23 බැගින් ලබා ගත්​හ.

ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දියාවේ ප්‍රවී​ණයන්ගේ කණ්ඩායම කඩුළු 5ක් දැවී සිය ජයග්‍රහණය වාර්තා ක​​​ළේය.

විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ ඉෆ්රාන් පතාන් පන්දු 31කදී ලකුණු 57 ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.



Recommended Articles